කාර්යයන්

ආයතන හා ගිණුම්

  • ප්‍රාදේශීය සභා සහ නගර සභා ලේකම් වරුන්ගේ පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම.
  • කාර්යාලීය නිලධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම.
  • කාර්යාලීය නිලධාරින්ගේ ස්ථාන මාරු වලට අදාල කටයුතු
  • ප්‍රාදේශීය සභා හා නගර සභාවල සියළුම ආයතන ගත රාජකාරි හා තනතුරු අනුමත කිරීම.
  • ප්‍රාදේශීය සභා හා නගර සභාවල මහජන පැමිණිලි හා ආයතන ගත පැමිණිලි
  • කාර්යාලීය නිලධාරින්ගේ අග්‍රහාර රක්ෂණ කටයුතු
  • කාර්යාලීය ගිණුම් පවත්වාගෙන යාම (මුදල් පොත,වැය ලෙජරය,බැංකු සැසදුම,පොදු තැන්පත් ගිණුම)
  • කාර්යාලීය නිලධාරීන්ගේ වැටුප් සකස් කිරීම.
  • ව්‍යාපෘති චෙක්පත් නිකුත් කිරීම.
  • කාර්යාලීය නිලධාරීන්ගේ අත්තිකාරම් B ගිණුම

ඉංජිනේරු

ඉංජිනේරුවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සියළුම තාක්ෂණ නිලධාරීන් විසින්,

  • පළාත් සභා ව්‍යාපෘති ( උපමාන පාදක/ පළාත් සංවර්ධන සෙසු අරමුදල්/ පළාත් නිශ්චිත/ පලාත් සංවර්ධන ප්‍රදාන )
  • පළාත් පාලන ආයතන අරමුදල්
  • රේඛීය අමාත්‍යාංශ ව්‍යාපෘති
  • විමධ්‍යගත ව්‍යාපෘති ප්‍රාදේශීය ලේකම් වැඩසටහන්
  • වෙනත් විශේෂ ව්‍යාපෘති

යන ශීර්ෂ යටතේ පළාත් පාලන ආයතන 19 තුළ එනම්, මාර්ග අමාත්‍යාංශ අරමුදල්/ ක්‍රීඩා අමාත්‍යාංශ අරමුදල්/ අධ්‍යාපන අමාත්‍යාංශ අරමුදල් ක්‍රියාත්මක ව්‍යාපෘති අධීක්ෂණ කාර්යයේ යෙදෙන අතර ඊට අදාලව ඇස්තමේන්තු පරීක්ෂාව, අනුමැතිය, ව්‍යාපෘති ස්ථාන පරීක්ෂාව, ප්‍රමිති පාලනය, මිනුම් ගැනීම, වවුචර් නිර්දේශ කිරීම, අනුමත කිරීම, ගෙවීම් කටයුතු යන කාර්යයන් 2017.05.25 චක්‍රෙල්ක ප්‍රකාරව ඉටු කරනු ලබයි.

එම ව්‍යාපෘති මාර්ග, කාණු, බෝක්කු, කුඩා පාළම්, ගොඩනැගිලි ලෙස වර්ග කරනු ලබන අතර, මාර්ග සංවර්ධනය, බොරළු පස් යෙදීම, තාර යෙදීම, කොන්ක්‍රීට් දැමීම, කුට්ටි ගල් ඇල්ලීම, මාර්ග කාපට් යෙදීම ආදී සිවිල් ඉදිකිරීම් සිදු කරනු ලබයි. කාණු ඉදිකිරීම බොහෝ විට කොන්ක්‍රීට් මගින් සිදු කරනු ලබන අතර බෝක්කු හා කුඩා පාලම් සෑදීම හියුම් පයිප්ප හෝ කොන්ක්‍රීට් යොදා සිදු කරනු ලබයි. ගොඩනැගිලි ඉදිකිරීම, කාර්යාල, ප්‍රජා ශාලා, පුස්තකාල, පෙර පාසැල්, ක්‍රීඩාගාර, ආදාහනාගාර යනාදිය මේ යටතට ගනු ලබයි. වෙනත් ඉදිකිරීම් යටතේ කුම්භ ගෙවල්, නාන ලිං, තොටුපල, පැති බැමි, වැටවල් ආදිය දැක්විය හැක.

මීට අමතරව තාක්ෂණික ඇගයීම් වාර්තා, තාක්ෂණික උපදෙස්, මහජන පැමිණිලි සඳහා තාක්ෂණික පරීක්ෂණ වාර්තා මෙන්ම, ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය වැනි පළාත් පාලන සේවාවන් සඳහා ඍජුව සම්බන්ධ වන ආයතන සඳහා අවශ්‍යතාවය අනුව ඉංජිනේරු සේවාව ලබා දීමත්,      සංවර්ධන නිලධාරීන් මගින් පළාත් පාලන ආයතනයන්හි සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධීකරණය, ප්‍රගතිය පරීක්ෂාව හා වාර්තා කිරීම යන කාර්යන්ද, පළාත් පාලන ආයතනයන්හි කාර්ය සාධනය ඉහළ නැංවීම උදෙසා ආයතනයේ වැඩ, සැපයුම් හා සේවාවන් නීත්‍යානුකූලව හා විධිමත්ව පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව ආයතනයට උපදෙස් දීම, මග පෙන්වීම හා අධීක්ෂණය මගින් කාර්ය සාධන මෙවලම ක්‍රියාත්මක කිරීමත් ඉංජිනේරු අංශය මගින් ඉටු කෙරේ.

විමර්ශන

  • මහ නගර සභා ආඥා පනතේ 317(I) වගන්තිය/ නගර සභා ආඥා පනතේ 198 වගන්තිය ප්‍රකාරව වාර්ෂික වාර්තාවට අදාල තොරතුරු රැස්කර නිර්දේශ සහිතව ඉදිරිපත් කිරීම. ප්‍රාදේශිය සභා පනතේ 196(I) (ඈ) වගන්තිය ප්‍රකාරව පරීක්ෂා කර තොරතුරු රැස්කර නිරීක්ෂණ හා නිර්දේශ සහිත වාර්තාවන් ඉදිරිපත් කිරීම.
  • වාර්ෂික සැලැස්මට අනුව විමර්ශනය කර කාර්යාල පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම.
  • පළාත් පාලන ආයතනවල හදිසි විමර්ශන කටයුතු කිරීම.
  • පළාත් පාලන ආයතනවල කාර්යාල අක්‍රමිකතා හා නිලධාරීන්ගේ අවිධිමත්භාවය නිසා ඇතිවූ මහජන ගැටළු පිළිබඳවූ පෙත්සම් පරීක්ෂා කර බලා නිරීක්ෂණ හා නිර්දේශ සහිත වාර්තා ඉදිරිපත් කිරීම හා පසු විපරම් කිරීම.
  • මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්), අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව හා පළාත් සභාවේ මහජන පෙත්සම් කාරක සභාව විසින් පවත්වනු ලබන පරීක්ෂණ කටයුතුවලට අදාල වාර්තා ඉදිරිපත් කිරීම.
  • පළාත් පාලන ආයතනවල තනතුරු ඇති කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • පළාත් පාලන ආයතනවලට අදාල අතුරු ව්‍යවස්ථා සම්පාදනය කිරීමට අදාල මඟ පෙන්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • පළාත් පාලන ආයතන විසින් ඉඩම් අත්පත් කර ගැනීම හා බදුදීම් සම්බන්ධව අදාල පළාත් පාලන ආයතනවලට අවශ්‍ය උපදෙස් ලබාදීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • ස්ථාවර තැන්පත් ආපසු ලබාගැනීම, දේශිය ණය අරමුදලෙන් ණය ගැනීම හා වෙනත් මූල්‍යමය කටයුතුවලදී පළාත් පාලන ආයතනයට අදාළ උපදෙස් ලබාදීම හා පළාත් පාලන සහකාර කොමසාරිස් වෙත නිර්දේශ ලබාදීම.
  • පළාත් පාලන ආයතනයන්හි වාර්ෂික බදු පැනවීම් පිළිබඳ නිවේදන ගැසට් පත්‍රයෙහි පළ කිරීමට මත්තෙන් පරීක්ෂා කර බලා නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • මහ නගර සභා ආඥා පනතේ 188 වගන්තිය/ නගර සභා ආඥා පනතේ 159 වගන්තිය/ ප්‍රාදේශිය සභා පනතේ 132 වගන්තිය ප්‍රකාරව වියදම් දැරීමට විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමට පළාත් පාලන ආයතන වෙතින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලුම් පත්‍ර සඳහා නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • පළාත් පාලන ආයතනයන්හි මහා සභා වාර්තා/ තීරණ පොත් පිළිබඳව මාසිකව අධ්‍යයනය කර නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • අධිභාර පරීක්ෂණ පවත්වා නිරීක්ෂණ හා නිර්දේශ සහිත වාර්තා ඉදිරිපත් කිරීම.
  • පළාත් පාලන ආයතන විසින් ඉදිරිපත් කරනු ලබන මු.රෙ. 115 වාර්තා සඳහා නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • පළාත් පාලනයට අදාල නීති රීති අනුව පළාත් පාලන ආයතනවලට අවශ්‍ය උපදෙස් ලබාදීම හා මඟ පෙන්වීම.
  • විගණකාධිපති වාර්තාව හා විගණන විමසුම් කරුණු සඳහා අවශ්‍ය උපදෙස් දීම හා පසු විපරම් කිරීම.
  • වාර්ෂික අයවැය ලේඛණය හා අවසාන ගිණුම පිළියෙල කිරීම සඳහා පිළිගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා මූලධර්ම අනුව අවශ්‍ය උපදෙස් ලබාදීම.
  • මාසික ගිණුම් පිළියෙල කිරීම සම්බන්ධයෙන් මඟ පෙන්වීම.
  • පළාත් පාලන ආයතනවල මාසික විගණන හා කළමනාකරන කමිටුවලට සහභාගී වීම හා මඟ පෙන්වීම
  • පළාත් පාලන ආයතනවල අවසන් ගිණුම් සඳහා යහපත් විගණන මතයන් ලබාගැනීමට මඟ පෙන්වීම.
  • පළාත් පාලන ආයතනවල ව්‍යවස්ථාපිත ආදායම් අයකර ගැනීමට උපදෙස් දීම හා මඟ පෙන්වීම.
  • මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්), අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හා පළාත් සභාවේ මහජන පෙත්සම් කාරක සභාව විසින් පවත්වනු ලබන පරීක්ෂණ කටයුතුවලදී පළාත් පාලන සහකාර කොමසාරිස්ගේ නියමය පරිදි නියෝජනය කිරීම.

ප්‍රජා සංවර්ධන

1. පුස්තකාල

  • පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙතින් ලැබෙන පොත් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙත බෙදා දීම.
  • පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේ පුස්තකාලය පවත්වා ගෙන යාම.
  • පුස්තකාල ශ්‍රේණිගත කිරීම සඳහා ලැබෙන යෝජනා නිර්දේශ කිරීම හා අනුමැතිය සඳහා යොමු කිරීම.
  • පුස්තකාල සේවාව විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මගපෙන්වීම, මෙහෙයවීම, උපදෙස්ලබා දීම හා සම්බන්ධීකරණය සිදු කිරීම.
  • පුස්තකාල සම්බන්ධ තොරතුරු යාවත්කාලීන කිරීම.

පුස්තකාල සම්බන්ධයෙන් ඇතිවන ගැටළු නිරාකරණයට උපදෙස් හා මග පෙන්වීම සිදු කිරීම.

2. ආයූර්වේද

  • දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පළාත් පාලන ආයතන තුල ප්‍රශස්ථ මට්ටමින් පවත්වාගෙන යාම සඳහා මෙහෙයවීම, පුහුණුවීම් ලබා දීම හා මගපෙන්වීම.
  • දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය.

3. පෙර පාසල්

  • දරුවන් හට විධිමත් අධ්‍යාපනයක් ලබා දීම සඳහා වන ගුරු කුසලතා ප්‍රවර්ධනය
  • පාසල් පද්ධතිය තුල අවශ්‍ය මූලික පහසුකම් සංවර්ධනය හා ප්‍රමිතිකරණය

4. සෞඛ්‍ය

  • ප්‍රජාවගේ සෞඛ්‍ය සම්පන්න බව පවත්වා ගෙන යාමට අවශ්‍ය රෝග නිවාරණයට කටයුතු කිරීඹට මග පෙන්වීම.
  • විශේෂයෙන්ම ඩෙංගු ආදී රෝග නිවාරණය සඳහා මදුරු මර්ධන වැඩසටහන් පැවැත්වීම.බෝවන ස්ථාන විනාශ කිරීමසඳහා පළාත් පාලන ආයතන වෙත උපදෙස් හා මග පෙන්වීම් ලබා දීම.
  • ජලභීතිකාව වැනි රෝග බෝවීම වැලැකිවීම සඳහා සතුන් එන්නත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට උපදෙස් හා මග පෙන්වීම.
  • බෝවන රෝග නිවාරණ කටයුතු සඳහා ජනතාව දැනුවත් කිරීම හා විවිධ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් හා මග පෙන්වීම.
  • ප්‍රජාවගේ කායික හා මානසික සෞඛ්‍ය තහවුරු කිරීම සඳහා පළාත් පාලන ආයතන මෙහෙයවීම, උපදෙස් ලබා දීම හා සම්බන්ධීකරන සේවාවන් සැපයීම
  • කාලීන අවශ්‍යතාවයන් මත මතුවන රෝග සම්බන්ධයෙන් පළාත් පාලන ුආයතන මෙහෙයවීම
  • විශේෂිත සෞඛ්‍ය සේවාවන් සැපයිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම
  • ළදරු හා මව්වරුන් සඳහා සායනික සේවාවන් පැවැත්වීම හා උපදේශන සේවාවන් හා දැනුවත් කිරීම් සිදු කිරීම

5. සාහිත්‍ය

  • සාහිත්‍ය තරග සහ උත්සව පවත්වමින් ප්‍රදේශයේ දුවා දරුවන්ගේ කුසලතා ඇගයීම සහ පාඨක ප්‍රජාවගේ රසවිදිමේ ශක්තිය ඔප නැන්විමට කටයුතු කිරීම සහ පළාත් පාලන ආයතන ඒ සඳහා යොමුප කරවීම.

6. පරිසර

  • පළාත් පාලන ආයතන වලට විසඳුම් ලබා ගැනීමට අපහසු පරිසර ගැටළු නිරීක්ෂණය කරමින් ඊට අදාල ගැටළු වලට විසදුම් සඳහා යෝජනා ඉදිරිපත් කරමින් එම ගැටළුව විසදීම සඳහා අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම ලබා දීම.
  • පරිසර නිති රිති පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම හා පාලන ආයතන සඳහා උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීම.

7. අපද්‍රව්‍ය කළමණාකරනය

  • පළාත් පාලන ආයතන මට්ටමින් ජනනය වන කැලි කසළ විධිමත්ව කළමණාකරනය කිරීම පිළිබඳව පසු විපරම් කිරීම,උපදෙස් දීම හා මඟ පෙන්වීම.
  • විවිධ ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම හා මඟ පෙන්වීම හා ආයතන සම්බන්ධීකරණය.
  • කැලි කසළ කළමණාකරනය සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් සපයා ගැනීමට යෝජනා ඉදිරිපත් කිරීම,උපදෙස් දීම හා මඟ පෙන්වීම.

8. ක්‍රීඩා

  • කායික හා මානසික සුවතාවය උදෙසා ක්‍රීඩා කටයුතු සිදු කිරීමට පළාත් පාලන ආයතන දැනුවත් කිරීම හා මෙහෙය වීම.
  • දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින් වාර්ෂික ක්‍රීඩා උත්සවය සංවිධානය කිරීම

9. පාරිසරික කටයුතු ප්‍රවර්ධනය

  • පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය පරිසර අමාත්‍යාංශය වැනි ආයතන මඟින් ඉදිරිපත් කරනු ලබන කරුණු පිළිබඳව පළාත් පාලන ආයතන දැනුවත් කිරීම හා එම ආයතන වෙතින් අවශ්‍ය උපදෙස් ලබා ගැනීම.

10. පුහුණු කටයුතු

  • පළාත් පාලන ආයතන වල නිලධාරීන් හා කාර්යමණ්ඩලය සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය හා පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය.

මහජන පැමිණිලි අංශය

මහජනතාව පැමිණ හා දුරකතන මාර්ගයෙන් ඉදිරිපත් කරන ගැටළු වලට සවන් දෙමින් එම ගැටළු වලට අවශ්‍ය විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය අංශ වෙත යොමු කිරීමත්, ලිඛිතව ලැබෙන පැමිණිලි ලියාපදිංචි කර අදාල අංශ වෙත යොමු කරනු ලදුව ලැබෙන වාර්තා අනුව ඒ සම්බන්ඳව ක්‍රියාත්මක වෙමින් ගැටළුව විසඳීම සඳහා අවශ්‍ය නිර්දේශ පළාත් පාලන ආයතන වෙත ලබා දීමත්, ලබා දුන් නිර්දේශයන් ක්‍රියාත්මක වන්නේද යන්න පසු විපරම් කර බැලීමත් මහජන පැමිණිලි අංශය මගින් සිදු කෙරේ.