හැඳින්වීම

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයත් සමග පළාත් සභා ස්ථාපිත වූ අතර පළාත් සභාවේ විෂයක් වශයෙන් පළාත් පාලන විෂය අදාල පළාත් සභාවේ, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන කොමසාරිස් වෙත සතු කරනු ලැබීම. එකී නියමයන් අනුව පළාත් පාලන කොමසාරිස්ගේ කාර්යයන්, කර්තව්‍යයන් පළාත් පාලන කොමසාරිස්ගේ විධිවිධානයන් වලට යටත්ව ක්‍රියාත්මක කිරීමට අදාල පළාත් සභාවට අයත් දිස්ත්‍රික්ක සඳහා පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාල පිහිටුවන ලදී.

පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානියා ලෙස පළාත් පාලන සහකාර කොමසාරිස්වරුන් පත්කරන ලද අතර, ඒ සඳහා වෙන් වූ කාර්ය මණ්ඩලයක්ද ලබාදෙන ලදී.

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලනයේ කේන්ද්‍රස්ථානය ලෙස ගම්පහ පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල අධීක්ෂණය පසුවිපරම් හා උපදෙස් හා මගපෙන්වීම මෙන්ම සම්බන්ධීකාරත්වය සිදුකරනු වස් 1995 වර්ෂයේදී පිහිටවනු ලද අතර  පුරා වසර 22 ක අඛණ්ඩ වූ සේවාවක් දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා ලබාදෙමින් හා අනාගතයේදී එකී සේවාවන් වඩාත් පහසුවෙන් හා නිවැරදිව ඉටුකිරීම පිණිස අනන්‍ය වූ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට සැලසුම් කොට ඇත.

දැක්ම

“යහපාලනයෙන් සපිරි ඵලදායි පළාත් පාලන සේවාවක්”

මෙහෙවර

“ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හා සේවාලාභීන් සඳහා සුහද මිතුරෙකු මග පෙන්වන්නෙකු මෙන්ම දාර්ශනිකයෙකු ලෙස කටයුතු කරමින් යහපාලන ක්‍රමයක් ක්‍රියාත්මක වන බවට සහතික වීමයි.”

අරමුණු

  • ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන්හි සේවය කරන කාර්යය මණ්ඩලවල ආයතන කටයුතු මානව සම්පත් කළමණාකරනය හා විනය කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධිකරණය හා අධීක්ෂණය කිරීම.
  • ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම තුළින් හඳුනාගත් යටිතල පහසුකම් සංවර්ධනය කර එමගින් මහජන අවශ්‍යතා සපුරාලිය හැකි වන පරිදි පළාත් පාලන ආයතන වලට අවශ්‍ය මුල්‍ය ආධාර සැපයීම.
  • පළාත් පාලන ආයතන වලට වඩාත් ඵලදායී කාර්යක්ෂම සේවයක් ලබාගැනීමට හැකිවන පරිදිසැලසුම් සහගතව පුහුණු කටයුතු මෙහෙයවීම තුළින් මානව සම්පත් සංවර්ධනය කිරීම
  • දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වලට අදාල අනපනත් වලින් පළාත් පාලන විෂය භාර ගරු ඇමතිතුමාට පැවරී ඇති බලතල වලට අනුව එතුමා විසින් පවරනු ලබන අධීක්ෂණ හා පරීක්ෂණ කටයුතු ඉටුකිරීම.
  • දිස්ත්‍රිකකයේ මහජන අවශ්‍යතා හඳුනා ගෙන ඒ අනුව මහජන ආයතන ආශ්‍රීතව විවිධ ප්‍රජා සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට මග පෙන්වීම.
  • දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල යහපත් පාලනය සහතික කිරීම සඳහා උපදෙස්දීම හා මඟපෙන්වීම.
  • දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල ස්වකීය කටයුතු මෙහෙයවීම සඳහා විධිමත් හා සැලසුම් සහගත වැඩපිළිවෙලකට මු යොකිරීම.